― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහැටන් මුස්ලිම් පල්ලියේ මුරකරු ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

හැටන් මුස්ලිම් පල්ලියේ මුරකරු ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කර එහි කොල්ලකෑම් සිදුකළ සැකකරු සමන්තුරේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 9 වැනිදා අලුයම මෙම ඝාතනය සිදුවී ඇත.

හැටන් ජුම්මා මස්ජිදයේ මුරකරුවෙකු ලෙස රාජකාරියේ යෙදී සිටි හැටන් ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස පහර කෑමට ලක්ව මිය ගොස් ඇත.

සැකකරු පල්ලියට ඇතුළු වී පිං කැටය සොරාගන්නා අයුරු දැක්වෙන දර්ශන සීසීටීවී කැමරාවේ සටහන්ව තිබූ අතර ඔහු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය පරීක්ෂණ හා සෝදිසි මෙහෙයුම්වල නිරත විය.

මෙම ඝාතනයෙන් දින 10කට පසු 45 හැවිරිදි මුහයිදින් බාවා ලාෆීර් නමැති සැකකරු ඊයේ (19) සමන්තුරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව අප වාර්තාකරු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුට සයින්දමරුදු, පොතුවිල්, හැටන් යන පොලිස් ස්ථානවල මිනීමැරුම් සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් පැමිණිලි ඇති බව පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

සැකකරු 2022.01.27 වන දින අම්පාර දිස්ත්‍රික්කයේ සයින්දමර්දු ප්‍රදේශයේදී මහලු කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි අතර මීට මාස 3කට පෙර පළා ගොස් තිබුණා.

මෙලෙස පළා ගිය සැකකරු අපරාධ රැසකට සම්බන්ධ අයෙක් බවයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණ වුණේ.

ඉන්පසු සැකකරු පලායාම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් 5කට වැඩි පිරිසක් අභ්‍යන්තර පරීක්ෂණ පවත්වනු ලැබූ අතර පැනගොස් සැඟවී සිටි සැකකරු මීට දින 10කට පෙර හැටන් ජුම්මා මස්ජිදයේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කර එහි කොල්ලකෑම් සිදු කර සැඟවී සිටින බවයි අනාවරණය වී ඇත්තේ.

අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ පොලිස් ස්ථානය භාර නිලධාරියාගේ උපදෙස් මත අපරාධ කොට්ඨාසය භාර නිලධාරියා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.