29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

වෘත්තිකයින්ගේ සංගම් සහ වෘත්තිය සමිති හතළිහක් පමණ මාස ගණනාවක් සිට ආදායම් බදු අඩුකරන ලෙස ඉල්ලා බදු බර හේතුවෙන් උගත් වෘත්තිකයන් සහ ඉහළ පුහුණුවක් ලත් වෙනත් ශ්‍රේණීන් රට හැර යෑමට පෙළඹීම තුළින් අර්බුදයක් නිර්මාණය වී ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා.

එසේම අදාළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවද වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රාජ්‍ය නායකයාද එම පක්ෂයේ ප්‍රතිපත්තියට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන දේශපාලන පක්ෂයක නායකයෙක් බවයි.

බදු බර අඩු කිරීම මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.