― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot News29 වැනිදායින් උසස් පෙළ උපකාරක පන්ති තහනම්

29 වැනිදායින් උසස් පෙළ උපකාරක පන්ති තහනම්

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම මේ මස 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම නියෝගය කඩ කරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන ජනවාරි මස 04 වනදා සිට ආරම්භ වන අතර ජනවාරි 31 වැනිදායින් අවසන් වෙයි.