― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot NewsGMOA යළි වැඩ වර්ජනයකට සැරසෙයි

GMOA යළි වැඩ වර්ජනයකට සැරසෙයි

ජනවාරි 01 වැනිදා සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අනතුරු අඟවා තිබෙනවා.

එම සංගමය පවසන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුවී ඇති අර්බුද විසඳා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් ජනවාරි 01 වැනිදා සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.

දෙසැම්බර් 27 වැනිදා පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේදී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි ඔවුන් පවසන්නේ.

2022 වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු 1700කට අධික වෛද්‍යවරුන් පිරිසක් රටට අහිමි වී ඇති අතර තවත් 5,000කට වැඩි වෛද්‍යවරුන් පිරිසක් නුදුරේදීම රට හැර යාමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.