29.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅලි – මිනිස් ගැටුම් අවම කර ගැනීමට නවීන තාක්ෂණය

අලි – මිනිස් ගැටුම් අවම කර ගැනීමට නවීන තාක්ෂණය

අලි – මිනිස් ගැටුම අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවත් ඊට අදාළ නියමු ව්‍යාපෘති දැනටමත් ආරම්භ කර තිබෙන බවත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි.

අධි ආලෝක ධාරා, අධි ශබ්ද තරංග සහ ඩ්‍රෝන යානා වැනි නවීන තාක්ෂණය යොදා ගනිමින් ක්‍රියාත්මක වන මෙම නියමු ව්‍යාපෘති අනුරාධපුර, පුත්තලම, අම්පාර ඇතුළු අලි මිනිස් ගැටුම් බහුලව ඇති ප්‍රදේශවල ආරම්භ කර තිබෙන බවයි අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.