26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

දෙසැම්බර් මස අස්වැසුම වාරිකය ගෙවීම සඳහා රුපියල් මිලියන 8,700ක් බැංකු වෙත ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 1,410,064ක් වන අතර ඒ අනුව පසුගිය ජුලි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ එම ප්‍රතිලාභී පවුල් වෙත ගෙවා ඇති මුළු මුදල රුපියල් මිලියන 51,967කි.

මේ වනවිට අන්ත දිළිඳු පවුල් 303,199ක්, දිළිඳු පවුල් 606,496, අවදානමට ලක් වූ පවුල් 290,624ක් හා සංක්‍රාන්තික පවුල් 209,745 ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභ හිමිවෙයි.