30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකට්ටි පැන සිටි ලක්ෂපතියේ ධම්මා අත්අඩංගුවට

කට්ටි පැන සිටි ලක්ෂපතියේ ධම්මා අත්අඩංගුවට

මොරටුව පොලීසියේ දූෂණ අංශයේ ස්ථානාධිපතිවරයාට ලද බුද්ධි තොරතුරක් මත මොරටුව ලක්ෂපතිය, ජුබිලි පාර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට යෑමේදී පොලීසිය මගහැර පළායමින් සිටි සැකකරුවෙකු මොරටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ නිවසේ පිටුපස දොරෙන් අදාළ සැකකරු මල්ලක් රැගෙන පළායෑමට තැත් කළ බවත් අදාළ සැකකරු අල්ලාගෙන පරීක්ෂා කිරීමේදී ඔහුගේ බෑගය තුළ තිබී මත්පෙති 2,500ක් සොයාගත් බවත් පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි ධම්මික ප්‍රියංකර නොහොත් ‘ලක්ෂපතියේ ධම්මා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.

ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මත්පෙති ජාවාරම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිවූ බවයි පොලීසිය පවසන්නේ.