28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාසා තීරයේ මියගිය ගණන 20,000 ඉක්මවයි

ගාසා තීරයේ මියගිය ගණන 20,000 ඉක්මවයි

ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ අවම වශයෙන් පලස්තීනුවන් 20,000ක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දින හතක සටන් විරාමය හැර ගැටුම ආරම්භයේ සිට දිනකට සාමාන්‍යයෙන් පුද්ගලයන් 300කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රාදේශීය හදිසි අවස්ථා අධ්‍යක්ෂ රිචඩ් බ්‍රෙනන් පවසන්නේ මෙම දත්ත සංඛ්‍යා විශ්වාස කළ හැකි බවයි.

ඕනෑම යුද කලාපයක මිය ගිය අය ගණන් කිරීම අභියෝගයක් වන අතර ගාසා තීරයේ විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් යට වළලනු ලැබූ හෝ රෝහල් වෙත ගෙන නොගිය සිරුරු එයට ඇතුළත් නොවන බැවින් මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව එරට වෛද්‍යවරු පවසනවා.