27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුවන් හමුදා සෙබළියකට හදි කළ අණදෙන නිලධාරියා අත්අඩංගුවට

ගුවන් හමුදා සෙබළියකට හදි කළ අණදෙන නිලධාරියා අත්අඩංගුවට

චීන වරාය ගුවන් හමුදා කඳවුර තුළදී 21 හැවිරිදි ගුවන් හමුදා සෙබළියක් බලහත්කාරයෙන් දූෂණය කළ බව කියන මත්තල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ඊයේ (20) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි ත්‍රිකුණාමලය අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

2019.05.29 දින චීන වරාය ගුවන් හමුදා කදවුරේ 21 හැවිරිදි ගුවන් හමුදා සෙබළියක් දූෂණය කළ බවට සැක පිට මෙම වින්ග් කමාන්ඩර්වරයා ත්‍රිකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊයේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ගුවන් හමුදා සෙබළිය දූෂණය කිරීමට අදාළ නිලධාරියාට ආධාර අනුබල දුන් බව කියන එවකට චීන වරාය ගුවන් හමුදා කදවුරේ කෝප්‍රල්වරයෙකු ලෙස කටයුතු කළ අයෙක්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි ත්‍රිකුණාමලය පොලිසිය පවසන්නේ.