දිස්ත්රික්ක 10කට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව බදුල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් අද (21) සවස 3.30 දක්වා බලපැවැත්වෙනු ඇති.