― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනිවුන් දරුවන්ට උපත දුන් මව වේදනාව දරාගත නොහැකිව දිවි නසාගනී

නිවුන් දරුවන්ට උපත දුන් මව වේදනාව දරාගත නොහැකිව දිවි නසාගනී

පසුගිය 18 වැනිදා සිට අතුරුදන්ව සිටි අහුංගල්ල ප්‍රදේශයේ කාන්තාවකගේ මළ සිරුර ඊයේ (20) බලපිටිය, මංකඩ වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ නිවුන් දරුවන් දෙදෙනෙකුගේ 29 හැවිරිදි මවක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම කාන්තාව පසුගිය 18 වැනිදා සිට නිවසින් අතුරුදන්ව සිට ඇති අතර ඇය මීට දින 09කට ඉහතදී බලපිටිය මූලික රෝහලේදී නිවුන් දරුවන් දෙදෙනා බිහිකර තිබෙනවා.

සිය බිරිඳ නිවසින් අතුරුදන්ව ඇති බව ඇයගේ ස්වාමිපුරුෂයා විසින් අහුංගල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇති අතර සිසේරියන් සැත්කමකින් නිවුන් දරුවන් දෙදෙනා බිහිකිරීම හේතුවෙන් ඇය දැඩි වේදනාවකින් පෙළෙමින් සිටි බවද ඔහු පොලීසියට පවසා තිබෙනවා.

එමෙන්ම නිවස සෝදිසි කිරීමේ දී බිරිඳ විසින් ලියා තිබූ ලිපියක් ද තිබී හමුවූ බව සැමියා පොලිසියට පවසා ඇති අතර “අධික වේදනාව දරාගන්න බැහැ, මම දිවි හානි කර ගන්නවා” යනුවෙන් එම ලිපියේ සඳහන් කර තිබූ බවත් පොලීසියට පවසා ඇති බව සඳහන්.

මේ අතර වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගත් කාන්තා මළ සිරුර සිය බිරිඳගේ බවට සැමියා විසින් හඳුනාගෙන ඇති අතර මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය මූලික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

අහුංගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.