30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැය 24කදී යුක්තියේ මෙහෙයුමෙන් 2,008ක් කොටු

පැය 24කදී යුක්තියේ මෙහෙයුමෙන් 2,008ක් කොටු

අද (21) අලුයම 12.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ සිදුකරන ලද ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 2,008 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඉන් සැකකරුවන් 185ක් සම්බන්ධව රැදවුම් නියෝග මත විමර්ශන සිදුකරන බවයි.

එමෙන්ම සැකකරුවන් 33 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර පුනරුත්ථාපනය සදහා පුද්ගලයන් 209 දෙනෙකු යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 228 දෙනෙකු ද ගත වූ පැය 24 තුළ සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම මෙහෙයුමේදී හෙරොයින් කිලෝ 02යි ග්‍රෑම් 400ක්, අයිස් කිලෝ 01යි ග්‍රෑම් 200ක්, ගංජා කිලෝ 12යි ග්‍රෑම් 200ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 12ක්, මාවා කිලෝ 05යි ග්‍රෑම් 200ක්, ඈෂ් ග්‍රෑම් 32ක්, තූල් ග්‍රෑම් 844ක්, මත්පෙති 17,054ක්, මදන මෝදක කිලෝ 04යි ග්‍රෑම් 100ක් සහ ගංජා පැල 73,833ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.