26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබලවතුන්ට බයේ කුඩුකාරයින් නිදහස් කරන්නේ නෑ

බලවතුන්ට බයේ කුඩුකාරයින් නිදහස් කරන්නේ නෑ

තමා ඇමති ධූරය දරන තුරු බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යටවී, ලොකු කුඩුකාරයන් නිදහස් කිරීමට සූදානම් නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) කොළඹ, මෝදර ප්‍රදේශයේ පැවැති ප්‍රජා කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදීය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ කවුරු පහර දුන්නත් අඩියක් හෝ පස්සට යෑමට තමා සූදානම් නැති බවයි.

එමෙන්ම තමා මිනිසුන් මරන්න යැයි නොපැවසූ බව අවධාරණය කළ අමාත්‍යවරයා කියා සිටියේ වැටලීම් කරන අවස්ථාවේදී පොලිසියට පහර දුන්නොත් පමණක් ප්‍රති ප්‍රහාර එල්ල කරන ලෙස තමා උපදෙස් ලබා දුන් බවයි.