29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමරණ තර්ජන කර කෝටි 05ක කප්පම් ඉල්ලූ අයෙක් අල්ලයි

මරණ තර්ජන කර කෝටි 05ක කප්පම් ඉල්ලූ අයෙක් අල්ලයි

පුද්ගලයෙකුට මරණ තර්ජනය සිදුකර රුපියල් කෝටි 05ක කප්පම් මුදලක් ඉල්ලීමේ අපරාධයක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුඩාබුත්ගමුව, අංගොඩ ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරු ඊයේ (20) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 47ක කුඩාබුත්ගමුව, අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සහ පැමිණිලිකරු අතර පැවති ඉඩම් ආරවුලක් හේතුවෙන් සැකකරු විසින් විදේශ රටක සිටින පුත්‍රයෙකු ලවා මෙම මරණ තර්ජන සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.