― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsමේ බදු බර ජනතාවට දරාගත නොහැකියි - මහින්ද

මේ බදු බර ජනතාවට දරාගත නොහැකියි – මහින්ද

බදු අඩු කළ යුතුය යන ඉල්ලීම ඉතාමත්ම ශක්තිමත් ආර්ථික මූලධර්ම මත පදනම් වූ ඉල්ලීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

2024 අයවැයෙන් වැට් බද්ද වැඩි කිරීම නිසා 2024 දී බදු ප්‍රතිපත්තිය රටේ ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට පත් වීමට නියමිත බවයි ඔහු පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සහ රාජ්‍ය සේවයේ වැදගත්ම අංශ නියෝජනය කරන වෘත්තිකයන්ගේ සංගම් සහ වෘත්තීය සමිති 40ක් පමණ මාස ගණනාවක සිට ආදායම් බදු අඩු කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණවල නිරතව සිටිනවා. ඉහළ බදු බර හේතුවෙන් උගත් වෘත්තිකයන් සහ ඉහළ පුහුණුව ලත් වෙනත් ශ්‍රේණින් රට හැර යෑමට පෙළඹී තිබෙනවා. මේ හේතුවෙන් තවත් අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා.

බදු අඩු කළ යුතුය යන ඉල්ලීම ඉතාමත්ම ශක්තිමත් ආර්ථික මූලධර්ම මත පදනම් වූ ඉල්ලීමක්. බදු බර අඩු වූ විට, පුද්ගලයන්ට මෙන්ම සමාගම් වලටද වියදම් කිරීමට සහ ආයෝජනය කිරීමට ඇති මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. බදු බර අඩු කිරීම මගේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අංගයක් වූ අතර 2006 සිට 2014 දක්වා කාලය තුළ මේ රට අත්විඳින ලද නව වසරක අඛණ්ඩ ආර්ථික වර්ධනය සාක්ෂාත් කරගැනීමට එම ප්‍රතිපත්තිය විශාල ලෙස දායක වුණා.

ජනතාවට ඔරොත්තු දෙන මට්ටමක බදු බර පවත්වාගෙන යෑම සඳහා 2006-2014 කාලය තුළ රජය වසරක් පාසා රජයේ බදු ආදායම වැඩි කරනු ලැබුවේ වසරකට රු. බිලියන 100ක් වැනි අගයකින්. ජනතාව මත පටවන බදු බර අඩු මට්ටමක පවත්වාගන්නා අතරතුර, එම ප්‍රතිපත්තියේ තිරසාර භාවය සහතික කිරීම සඳහා, 2005 අවසානයේ 90% ක් වූ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය අනුපාතය ආණ්ඩුව සුපරීක්ෂාකාරී ආර්ථික කළමනාකරණය තුළින් 2014 අවසානය වන විට 69% දක්වා අඩු කිරීමට කටයුතු කළා.

නමුත් පසුගිය වසර ගණනාව මුළුල්ලේ, රාජපක්ෂ නාමය සමග යන්තම් හෝ ගෑවී තිබුණ සෑම දෙයකටම කිසිදු වග විභාගයකින් හෝ කරුණු සොයා බැලීමකින් තොර විරෝධයක් ගොඩ නැගීම අරමුණු කරගත් ඉතා මැනවින් සංවිධානය කරණු ලැබූ ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ අතර අඩුවෙන් බදු අය කිරීමේ ආර්ථික ප්‍රතිපත්තියත් එම රාජපක්ෂ විරෝධී ප්‍රචාරයේ ගොදුරක් බවට පත් වුණා.

2015 දී ලැබූ පරාජයෙන් පසු, අඩු බදු ප්‍රතිපත්තියක් වෙනුවට ඉහළ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒත් සමගම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2015 න් පසු වසරක් පාසා අඩු වී, 2019 වන විට ඍණ 0.2 දක්වා පහත වැටී තිබෙනවා. මේ හේතු නිසා අනාගතයේ දී සෑම ඡන්දදායකයෙකුම තමන් ඡන්දය දෙන පක්ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.”