23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහොර වීසා සැකසූ භූගත කාර්යාලයක් වටලයි

හොර වීසා සැකසූ භූගත කාර්යාලයක් වටලයි

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර, වීසා බලපත්‍ර සහ විදෙස් අනුග්‍රහ ලිපි කූඨ ලෙස සකස් කරන පන්නල ප්‍රදේශයේ නිවසක භූගත කාර්යාලයක් ඊයේ (20) වටලා තිබෙනවා.

එහිදී පුද්ගලයන් දෙදෙනෙකු සහ ඒවා සකස් කිරීමට යොදා ගෙන තිබූ යන්ත්‍ර පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කටුනායක ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පන්නල, ඇළබඩගම ප්‍රදේශයේ තිබූ මෙම නිවස වටලා ඇති අතර එහි බිම අතුරා තිබූ පිගන් ගඩොල් හතරක් ඉවත් කර මෙම මුද්‍රනාල සංකීර්ණය වෙත පිවිස ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙම මුද්‍රණාලය තුළ විදෙස් රටවලින් නිකුත් කරන ආකාරයේ උසස් ගුණාත්මක තත්වයෙන් යුතු අති නවීන මුද්‍රණ උපකරණ, විවිධ රටවල සහ ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව හා සමාන නිල මුද්‍රා, ජල මුද්‍රා සටහන් කළ හැකි මුද්‍රණ යන්ත්‍ර ඇතුළු තවත් නවීනතම යන්ත්‍ර රාශියක් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මුද්‍රණාලයේ ඒ වනවිට එම කටයුතුවල නියැලී සිටි වයස අවුරුදු 22 සහ 23 පසුවන තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා සහ මෙම මුද්‍රණාලය තුළ පැවති මුද්‍රණ උපකරණ සහ යන්ත්‍ර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ, කිරුළපන පිහිටි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී තිබෙනවා.