27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News13 දැරියක් කෙලෙසූ 17 තරුණයා අත්අඩංගුවට

13 දැරියක් කෙලෙසූ 17 තරුණයා අත්අඩංගුවට

වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියක් දූෂණය කළ බව කියන 17 හැවිරිදි තරුණයෙක් ඊයේ (20) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව, කරඩිපූවල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පවසන්නේ.

2021 වසරේදී දැරියගේ සහෝදරයාගේ බිරිඳගේ නිවසේදී සැකකරු විසින් දැරියට මෙම අපරාධය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් දැරියගෙන් අනාවරණය කරගත් තොරතුරු මත සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

දූෂණයට ලක්වූ බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අද (21) දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.