27.8 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකල් ඉකුත් වූ කිරිපිටි අලෙවි කරන ස්ථානයක් වටලයි

කල් ඉකුත් වූ කිරිපිටි අලෙවි කරන ස්ථානයක් වටලයි

කල් ඉකුත් වූ කිරිපිටි තොග බෙදා හැරීම සිදු කරන ස්ථානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී හමුවී තිබෙනවා.

එම අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශණ ඒකකය අද පිටකොටුවේ තොග අලෙවිසැල්වල කළ විශේෂ පරීක්ෂාවකදීයි මෙම කිරිපිටි තොගය හමුවී ඇත්තේ.

එහිදී කල් ඉකුත් වූ කිරිපිටි කිලෝ 825ක තොගයක් අලෙවියට සූදානම් කර තිබියදී සොයා ගැණුනා. වැඩිදුරටත් කළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම කිරිපිටි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන අයිස්ක්‍රීම් සහ රස කැවිලි වෙළඳුන් මෙම කල් ඉකුත් වූ කිරිපිටි රැගෙන යන බවයි.

කල් ඉකුත් වූ භාණ්ඩ විකිණිමට ප්‍රදර්ශනය කර තැබීමෙන් පාරිභෝගිකයන් නොමග යැවීම ඇතුළු චෝදනා යටතේ තොග වෙලෙදසැල් හිමියාට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.