24.5 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩයනා ගමගේ හිස මුඩු කරන්න යයි

ඩයනා ගමගේ හිස මුඩු කරන්න යයි

සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ හිස මුඩු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

බෞද්ධ තේමාවක් රැගත් ඉන්දීය සිනමා කෘතියකට රංගනයෙන් දායක වීම සඳහා ඇය හිස මුඩු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ඉන්දීය මිත්‍ර සම්බන්ධතාව උදෙසා ඉන්දියාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විසින් නිර්මාණය කරන බෞද්ධ තේමාවක් රැගත් සම්භාව්‍ය සිනමා කෘති ප්‍රධාන චරිතයක් වන මෙහෙණින් වහන්සේගේ චරිතයකට පණ පෙවීමට ඩයනා ගමගේට ආරාධනා කර තිබේ.

ඒ වෙනුවෙන් ඇය මෙසේ සිය හිස මුඩු කිරීමට තීරණය කර තිබෙනවා.

අදාළ චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ ආරාධනය පිළිගත් රාජ්‍ය ඇමැතිවරිය ළඟදීම හිස මුඩු කොට ජාත්‍යන්තර කැමරා කාචයට රංගනයෙන් දායක වීම සඳහා සූදානමින් පසුවන බවයි වාර්තා වන්නේ.