30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදීර්ඝ සති අන්තයේ බස් ධාවනය ගැන දැනුම්දීමක්

දීර්ඝ සති අන්තයේ බස් ධාවනය ගැන දැනුම්දීමක්

දීර්ඝ නිවාඩුවත් සමග එළඹෙන සති අන්තය වෙනුවෙන් ප්‍රමාණවත් පරිදි පෞද්ගලික බස් රථ ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් ප්‍රවාහන අධිකාරී ආයතන මගින් ඉල්ලීමක් කළ හොත් අමතර බස් රථ ලබාදීමට ද කටයුතු කළ හැකි බවයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ ඇතැම් මාර්ගවල බස් රථ ධාවනය කිරීමට නොහැකි තත්වයක් පවතින බව ද ඔහු පෙන්වා දෙනවා.

බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ගම් බිම් බලා යන ජනතාවට කල් ඇතිව කොළඹට පැමිණීම සඳහා සූදානම් වන ලෙසටයි.

බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් ද නිවාඩු ලබා ගැනීම හේතුවෙන් බස් රථ ධාවනයේ අඩුවක් පැවතිය හැකි බව ද ගැමුණු විජේරත්න කියාසිටියා.

ඒ අනුව පෝය සහ නත්තල් දිනවල බස් ධාවනයේ අඩුවක් පැවතිය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. ඔහු අවධාරණය කර තිබේ. මේ අතර නත්තල් උත්සවය සහ පාසල් නිවාඩුවත් සමග ගම්බිම් බලා පිටවයන ජනතාව වෙනුවෙන් විශේෂ බස් හා දුම්රිය සේවාවන් අද සිට ක්‍රියාත්මක බව එම ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළා.

අද සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත අතර උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව ද හෙට (23) ආරම්භ කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොලගේ කියාසිටියා.