26.7 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රසාද දීමනා ගෙවීම ගැන මහා භාණ්ඩාගාරයෙන් චක්‍රලේඛයක්

ප්‍රසාද දීමනා ගෙවීම ගැන මහා භාණ්ඩාගාරයෙන් චක්‍රලේඛයක්

වාණිජ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙම චක්‍රලේඛය මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛයේ දක්වා ඇත්තේ ප්‍රසාද දීමනා ගෙවීමට මහා භාණ්ඩාගාරය මුදල් ලබා නොදෙන බවයි.

කෙසේ වෙතත් පෙර වසරේ බදු ගෙවීමෙන් පසු ඉපයූ ලාභයෙන් සියයට 30 ක ප්‍රමාණයක් ඒකාබද්ධ අරමුදලට ගෙවා ඇති රාජ්‍ය ආයතනවල සේවකයින්ට ප්‍රසාද දීමනා ලබාදිය හැකි බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ එහෙත් ලාභ නොලබන රාජ්‍ය ව්‍යාපාරවල සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා නොදෙන ලෙස මහා භාණ්ඩාගාරය දැනුම්දී ඇති බවයි.