29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාරිභෝගිකයන්ට සීමාසහිතව බිත්තර නිකුත් කිරීමේ තීරණයක්

පාරිභෝගිකයන්ට සීමාසහිතව බිත්තර නිකුත් කිරීමේ තීරණයක්

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර සීමාසහිතව පාරිභෝගිකයන්ට නිකුත් කිරීමට සතොස තීරණය කර තිබෙනවා.

සතොසට දිනකට බිත්තර මිලියනයක් නිකුත් කරනු ලබන අතර ඒවා කළමනාකරණය කර ගනිමින් සෑම පාරිභෝගිකයෙකුටම බිත්තර ලබා දීමේ අරමුණින් මෙම සීමා කිරීමේ තීරණය ගෙන තිබේ.

මේ වනවිට දේශීය බිත්තරයක මිල අසීමිත ලෙස ඉහළ යාම හේතුවෙන් ආනයනික බිත්තර සඳහා දැඩි ඉල්ලුමක් පවතිනවා. එවන් සමයක පාරිභෝගිකයින් සඳහා සතොසෙන් සහන මිලට බිත්තර ලබාදිම නිසා ඒවා මිලදී ගැනීමට සතොස ශාඛා ඉදිරිපිට පාරිභෝගිකයින් පෝලිම් ගැසී සිටින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව බිත්තරයක් රුපියල් 35ක මිලකට බිත්තර 30ක් එක් පාරිභෝගිකයෙකුට මිලදී ගැනීමේ හැකියාවක් පවතින අතර එම ප්‍රමාණය ඉදිරි දින කිහිපය තුළදී සීමා කරන බව සතොස පවසනවා.