27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙම් හබයක් නිසා වවුනියාවේ ගුරු ගැටුමක්

පෙම් හබයක් නිසා වවුනියාවේ ගුරු ගැටුමක්

වවුනියාවේ සිදම්බරපුරම් ප්‍රදේශයේ පාසලක ගුරුවරුන් දෙපිරිසක් අතර ඊඑයි (21) ගැටුමක් ඇතිව තිබෙනවා.

මෙම ගැටුමෙන් එක් ගුරුවරයෙකු තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ගුරුවරයෙකු විසින් ගුරුවරියක් සමඟ ප්‍රේම සබදතාවයක් පවත්වා ගෙන යන අතරතුර තවත් ගුරුවරයෙකු ඇය සමඟ පෙම් කිරීමට යාමෙන් ඇති වූ ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇති බවයි.

මේ සිද්ධිය හේතුවෙන් ගුරුවරුන් දෙපිළකට බෙදී බහින් බස් වී ඇති අතර එය දුරදිග යාමෙන් පහර දීම සිදු වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ගුරුවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට වවුනියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය පියවර ගෙන තිබෙනවා.