23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපොලිස් ඇමතිට තර්ජනාත්මක ඇමතුම්

පොලිස් ඇමතිට තර්ජනාත්මක ඇමතුම්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට ඊයේ (21) දිනයේදී තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

දැනට ක්‍රියාත්මක වන පාතාල හා මත්ද්‍රව්‍ය මෙහෙයුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාලයකු දුරකථනයෙන් මරණ තර්ජනය කර තිබේ.

ඊයේ (21) ජනාධිපති කාර්යාලයේදී ස්ථාවර රටකට යන තේමාව යටතේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා තේ පැන් සංග්‍රහයක් සඳහා අමුත්තන්ගේ කාමරයට ගිය අවස්ථාවේදීයි මෙම දුරකථන ඇමතුම ලැබී ඇත්තේ.

අමාත්‍යවරයා පැවසුවේ විදේශ රටක සිට පැමිණි මෙම දුරකථන ඇමතුම හරහා තර්ජනය කර ඇත්තේ තව පෝය හතක් ඇතුළත අමාත්‍යවරයා පිළිබඳ බලා ගන්නා බවට තර්ජනය කළ බවයි.

කෙසේවෙතත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ මෙම මත්ද්‍රව්‍ය වැටලීම් සහ පාතාල මැඩ පැවැත්වීමේ මෙහෙයුම් නතර නොකරන බවයි.