27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබංග්ලාදේශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ 24 ක් මෙරටට

බංග්ලාදේශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ 24 ක් මෙරටට

ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 24 ක තොගයක් ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් (H.E) Tareq Md Ariful Islam විසින් මෙරටට ලබා දී තිබෙනවා.

එම ඖෂධ තොගය ඊයේ (21) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ වෙත නිල වශයෙන් බාර දී තිබෙනවා.

ශ්‍රී ලංකා රජය විසින් බංගලාදේශ රජය වෙත කරන ලද ඉල්ලීමකට අනුව දෙරටේ සෞඛ්‍ය අමාත්‍යවරුන් සිදු කරන ලද සාකච්ජාවක ප්‍රතිඵලයක් ලෙසයි මෙම අත්‍යවශ්‍ය ඖෂධ තොගය ශ්‍රී ලංකාව වෙත ලැබී ඇත්තේ.

මෙම අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 24 ක තොගය මෙරට මාස 3 ක ඖෂධ අවශ්‍යතාවය සදහා සරිලන අතර බංගලාදේශයේ රාජ්‍ය ඖෂධ යාන්ත්‍රණය වන Essential Drugs Company Limited සම්බන්ධීකරණයෙන් මෙම පරිත්‍යාගය සිදු විය.