27 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමද්‍රසා සිසුවාගේ මරණයට මවුලවිවරයා යළි රිමාන්ඩ්

මද්‍රසා සිසුවාගේ මරණයට මවුලවිවරයා යළි රිමාන්ඩ්

මද්‍රාසා පාසල් සිසුවෙකු අභිරහස් ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මවුලවිවරයා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඊට අදාළ නඩුව ඊයේ (21) කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු අතර ජනවාරි 04 වැනිදා දක්වා දින 14ක අධිකරණ භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

පොලිසියේ දීර්ඝ කරුණු දැක්වීම් ඇතුළු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි සිසුවෙකු පසුගිය 05 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයේ සයින්දමර්දු හි තෙමහල් ගොඩනැගිල්ලක මද්‍රාසා ශාලාවක ගෙල වැළලාගෙන මියගොස් සිටියදී සොයා ගැනුණා.