28.4 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentමෝටර් රථ - යතුරුපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

මෝටර් රථ – යතුරුපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

පුත්තලම ප්‍රදේශයේදී මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනුරාධපුර සිට පුත්තලම දෙසට ධාවනය වූ මෝටර් රථයක් යතුරුපැදියකට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී මෝටර් රථය යතුරුපැදියේ පිටුපස ගැටී පෙරළී ගොස් තිබෙනවා.

පුත්තලම – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ සිරම්බිඅඩි ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබේ.

යතුරුපැදිය පැදවූ පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර මෝටර් රථයේ සිටි පුද්ගලයින්ගේ දිවි බේරා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මෝටර් රථයේ රියදුරු බීමතින් හා අධික වේගයෙන් රථය පදවාගෙන ගොස් ඇති බවයි.

සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්වූයේ තබ්බෝව – කරුවලගස්වැව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර මෝටර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පුත්තලම පොලිසිය පවසයි.