32.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැව් බැම්මෙන් බිමට වැටී තරුණියක් ජීවිතක්ෂයට

වැව් බැම්මෙන් බිමට වැටී තරුණියක් ජීවිතක්ෂයට

වවුනියාවේ පාවක්කුලම ජලාශයේ වැව් බැම්මෙන් ඇද වැටී ඊයේ (21) තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජලාශයට ඇද වැටී ඇත්තේ වාන් දමන ආකාරය නැරඹීමට පැමිණි තරුණියක් බවයි පොලීසිය පවසන්නේ.

එම තරුණිය කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බවත් මියගිය තරුණියගේ ඥාතියෙකු පැමිණ ඇයව හදුනාගන්නා තුරු ඇය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම කල් දමා ඇති බව පොලීසිය පවසයි.

වයස අවුරුදු 18 ක් පමණ වන මෙම තරුණිය වැව් බැම්මෙන් පහලට ඇද වැටී වැවේ ගිලෙමින් සිටියදී අවට සිටි කිහිපදෙනෙකු ඇයව ගොඩට ගෙන වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.