32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවයි

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් කැඳවයි

2023 නොවැම්බර් 24 දින නිකුත් කරන ලද 2022 (2023)උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අනුව 2022(2023) අධ්‍යන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලද නව අයදුම්කරුවන්ගෙන් අද (22) සිට 29 වැනිදා දක්වා අන්තර් ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවා ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි.

ඒ අනුව එම අයදුම්කරුවන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත පිවිස නිසි ලෙස අයදුම්පත් පුරවා ඉදිරිපත් කළ යුතුය.