30 C
Colombo
Monday, September 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙරොයින් සමඟ කාන්තාවන් තිදෙනෙක් අල්ලයි

හෙරොයින් සමඟ කාන්තාවන් තිදෙනෙක් අල්ලයි

යාපනය තුන්නාලෙයි ප්‍රදේශයේදී පසුගිය දින තුන තුළ මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් සතුව තිබී මුදල්, ජංගම දුරකථන සහ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

නෙල්ලිඅඩි පොලිසියට ලද තොරතුරක් මත තුන්නාලෙයි ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 620ක්, ජංගම දුරකථන 16ක් සහ රුපියල් හය ලක්ෂ හැත්තෑ අටදහස් නවසීයක් සොයාගෙන තිබේ.

අදාළ කාන්තාව පොලිස් ස්ථානයේ රඳවා ඇති අතර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර පසුගිය අඟහරුවාදා 51 හැවිරිදි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 06ක් සමඟ සොයා ගැණුනා. බදාදා දින 37 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මිලිග්‍රෑම් 720 ක් සහ රුපියල් 23,000 ක මුදලක් සමඟ අත්අඩංගුවට ගෙන තිබීම විශේෂත්වයකි.