― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsආණ්ඩුව විදුලි බිලට සහනයක් දුන්නේ ජනාධිපතිවරණය නිසා

ආණ්ඩුව විදුලි බිලට සහනයක් දුන්නේ ජනාධිපතිවරණය නිසා

ජනාධිපතිවරණය වෙනුවෙන් ජනවාරි මස සිට විදුලි බිලට සියයට දහයක සහනයක් දෙන්නට ආණ්ඩුව කටයුතු කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (26) කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

රජය ලබන වසර මැතිවරණ වසරක් ලෙස නම් කොට තිබෙනවා. ඒ නිසා ලබන වසරේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. මේ නිසා කොපමණ බදු වැඩි කළත් රජය ජනතාවට යම් යම් සහන දෙන්න බලාපොරොත්තු වෙයි. ඒකට හේතුව තමයි මේ මැතිවරණ වසර.

මේ අනුව ජනතාව රවට්ටන්නට දැනටමත් රජයේ වැඩපිළිවෙළක් සකස් කරලා තියෙන බවට පැහැදිලියි. එහි පළමු පියවර තමයි ජනවාරි මස සිට විදුලි බිලට සියයට දහයක සහනයක් දෙන්නට කටයුතු කර තිබීම. ඊට අමතරව ඉන්ධන මිලත් යම් තරමක අඩුවක් කරන්න බලාපොරොත්තුවක් තියෙන බව රජය දැනටමත් ප්‍රකාශ කරලා තියෙනවා.”