26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ භූ කම්පනයක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ භූ කම්පනයක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ දේශ්පූර් හි අද (27) අලුයම භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

ඇසෑම් ප්‍රාන්තයේ දේශ්පූර් ප්‍රදේශයට අද අලුයම 5.55 ට පමණ භූමිකම්පාවක් ඇති වුණා. එය රිච්ටර් මාපකයේ 3.4ක් ලෙස සටහන් වූ බව ජාතික භූ කම්පන මධ්‍යස්ථානය පවසයි.

භූමිකම්පාව දේශ්පූර් සිට කිලෝමීටර් 42 ක් නැගෙනහිරින් කිලෝමීටර් 20 ක් ගැඹුරින් ඇති වී තිබෙනවා.

මේ හේතුවෙන් දේශ්පූර් සහ ඒ අවට ප්‍රදේශවලට සුළු භූ කම්පනයක් හටගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම භූ කම්පනයෙන් ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.