25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋතුරු දුම්රිය මාර්ගයේ කොටසක් වැසෙයි

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් වැසෙයි

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා කොටස මාස 06 ක කාලයක් වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉඳිපොලගේ සඳහන් කළේ උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු ජනවාරි මස 07 වැනිදා සිට ආරම්භ කරන බවයි.

ඒ අනුව එදින සිට මාස 06 ක කාලයක් උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා කොටස වසා දැමෙනු ඇති.

මෙම කාලසීමාව තුළ දුම්රිය ධාවන කොළඹ සිට මහව දක්වා සහ අනුරාධපුරයේ සිට කන්කසන්තුරය දක්වා පමණක් ක්‍රියාත්මක වෙයි.