25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකළුතර බන්ධනාගාරයේ CCTV 60ක් අක්‍රීයයි

කළුතර බන්ධනාගාරයේ CCTV 60ක් අක්‍රීයයි

කළුතර බන්ධනාගාරයේ සවිකර ඇති සීසීටීවි කැමරා 60 කට වැඩි ප්‍රමාණයක් වසරක පමණ පෙර සිට අක්‍රීයව පවතින බව අනාවරණය වී තිබෙනවා.

පහරදීමක් හේතුවෙන් බන්ධනාගාර රැදවියෙකු ඊයේ (26) අළුයම මියයාම සම්බන්ධයෙන් ආරම්භ කළ පරීක්ෂණවලදීයි මේ බව හෙළි වී ඇත්තේ.

බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල, කාන්තා සිරමැදිරිය ඇතුළු වාට්ටු සියල්ලෙහිම මෙන්ම ප්‍රධාන දොරටුව, අවන්හල ඇතුළු ස්ථාන රැසක සවිකර ඇති සීසීටීවි කැමරා මෙසේ අක්‍රීයව තිබේ.

මියගොස් ඇති තැනැත්තා පහරකෑමට ලක්වූ බව කියන සී වාට්ටුවේ ඉදිරිපිට ආරක්ෂක කැමරාවක් සවිකර ඇතත්, එයද මේ වනවිට අක්‍රීය තත්වයේ පවතින බවත් එය ක්‍රියාත්මකව තිබුණේ නම් සිදුවූ අපරාධයේ සුලමුල සොයාගැනීමට පහසු වන බවයි පොලිසිය පවසන්නේ.