26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාන්තාවක් සමඟ ලැගුම්හලකට පැමිණි අයෙක් ජීවිතක්ෂයට

කාන්තාවක් සමඟ ලැගුම්හලකට පැමිණි අයෙක් ජීවිතක්ෂයට

බොරලැස්ගමුව, දෙහිවල පාරේ සමූපකාර මාවතේ නවාතැන්පොළකට කාන්තාවක් සමඟ පැමිණි පුද්ගලයෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව බොරලැස්ගමුව පොලිසිය පවසනවා.

මෙම පුද්ගලයා සමඟ නවාතැන්පොළට පැමිණි කාන්තාව හොර රහසේ පලා ගොස් ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ බොරලැස්ගමුව, වේරහැර බෝධිරාජා පුර ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය පවසන්නේ.

මියගිය පුද්ගලයා පලා ගිය කාන්තාව සමඟ පෙරේදා (25) දහවල් ලැගුම්හලට පැමිණ ඇති අතර පැය කීපයක් ගත වූ පසූ කාන්තාව කෑ ගසාගෙන කාමරයෙන් පිටතට පැමිණ එම පුද්ගලයාට අසනීප බවට කළමනාකරුට දැනුම් දී තිබෙනවා.

කළමනාකරු කාමරය වෙත ගොස් බැලීමේදී ඔහුගේ කටින් සෙම වැගිරී තිබෙන අයුරු දැක එම පුද්ගලයා රෝහල්ගත කිරීම සඳහා ත්‍රීරෝද රථයක් රැගෙන ඒම සඳහා ලැගුම්හලින් පිටතට අවස්ථාවේදීයි එම කාන්තාව පලා ගොස් ඇත්තේ.

පොලීසිය පැවසුවේ පලා ගිය කාන්තාව සොයා පරීක්ෂණ සිදු කරන බවයි.

මියගිය පුද්ගලයාගේ පශ්වාත් මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේදී නියමිතය.