27.2 C
Colombo
Thursday, December 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුඩු රොෂාන් ඇතුළු 23ක් වරකාපොලදී අල්ලයි

කුඩු රොෂාන් ඇතුළු 23ක් වරකාපොලදී අල්ලයි

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු රොෂාන් ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වරකාපොල පොලිසියට ලැබුණු තොරතුරක් අනුව එම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටියදීයි සැකකරුවන් පොලිස් භාරයට ගෙන ඇත්තේ.

මෙම පිරිස නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක දින කිහිපයක් නතර වී සිට නැවත කොළඹට පැමිණෙමින් සිටියදී යුක්තියේ මෙහෙයුම යළි ආරම්භ කෙරෙන බවට ලැබුණු තොරතුරු මත වරකාපොල ප්‍රදේශයේ හෝටලයක නතර වී ඇති බවට විමර්ශන නිලධාරීන් හෙළි කරගෙන තිබෙනවා.

සැකකරුවන් අතර පිරිමි පුද්ගලයින් 10ක්, කාන්තාවන් 05ක් සහ කුඩා ළමුන් 08 දෙනෙකු සිටි බව සඳහන්.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කරන මෙහෙයුම්වලින් සැඟවී සිටීමට මෙම පිරිස නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැනීම සඳහා ගොස් ඇති බවට ද කරුණු අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.