23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකොළඹ පැල්පත්වාසීන් 61000කට නව නිවාස

කොළඹ පැල්පත්වාසීන් 61000කට නව නිවාස

කොළඹ පැල්පත් නිවාසවල පදිංචිකරුවන්ට නිවාස ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

කොළඹ වතු 26ක පුද්ගලයින් 61000 කට අධික පිරිසක් ජීවත් වන බවයි නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද සඳහන් කළේ.

ඔවුන්ට නිවාස ලබා දීම සඳහා නව යෝජනාවක් පසුගියදා ඉදිරිපත් කළ අයවැයේදි සම්මත වූ අතර මේ යටතේ වතුවල ජීවත්වන පැල්පත්වාසීන්ට දෙස් විදෙස් ආයෝජකයින් විසින් නිවාස ඉදිකිරීමට නියමිතය.

ඔවුන් ඒවායේ පදිංචි කරවීමෙන් අනතුරුව වතුවල ඉතිරි වන ඉඩ ප්‍රමාණය අයෝජකයින් සඳහා ආයෝජන ව්‍යාපෘතිවලට ලබාදෙන බවයි අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔහු පැවසුවේ, ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින්ගේ යෝජනා භාර ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.