28.9 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගස් දෙකක් කඩා වැටීමෙන් දරුණු අනතුරක්

ගස් දෙකක් කඩා වැටීමෙන් දරුණු අනතුරක්

මහනුවර තිලක් රත්නායක මාවතේ දැවැන්ත ගස් දෙකක් කඩා වැටීම හේතුවෙන් එම ස්ථානයේ ගාල් කර තිබූ රථ වාහන රැසකට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

අද පෙරවරු 11ට පමණ එකිනෙකට යාව පිහිටි බෝ ගසක් සහ සපු ගසක් කඩා වැටී ඇති අතර පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම ගස්වල මුල් දිරා ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

ගස් කඩා වැටීමෙන් එම ස්ථානයේ නවතා තිබූ ලොරි, මෝටර් රථ, වෑන්, ත්‍රීරෝද රථ ඇතුළු වාහන 8කට දැඩි අලාභ හානි සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

අනතුරින් තුවාල ලද දෙදෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මහනුවර මූලස්ථාන පොලිසිය, නාගරික ගිනි නිවන ඒකකය, යුද හමුදාව සහ නගර සභාව එක්ව කඩා වැටුණු ගස් ඉවත් කිරීමේ කටයුතු සිදු කළ අතර ඒ හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු පැය කීපයක් අත්හිටුවා තිබූ බව සඳහන්.