32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදුරකථනයක් ගන්න කලින් මේ ගැනත් හිතන්න

දුරකථනයක් ගන්න කලින් මේ ගැනත් හිතන්න

දුරකථනයක් මිලදී ගන්නේ නම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් අනුමත කළ දුරකථනයක් පමණක්ම මිලදී ගැනීමට පාරිභෝගිකයන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මේනකා පතිරණ පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය සඳහන් කළේ ඕනෑම දුරකථනයක ඉමි අංකය (IMEI number) එහි ඇසුරුමේ සටහන් කර ඇති බවයි.

එම අංකය පාරිභෝගිකයන් සතු වෙනත් ඕනෑම දුරකථනයකින් IMEI ලෙස ටයිප් කර ඉඩක් තබා අංක 15කින් යුත් අංකය ටයිප් කර කෙටි පණිවුඩයක් ආකාරයෙන් 1909ට යොමු කළ යුතු වනවා.

එම මොහොතේදීම අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කළ දුරකථනයක් ද යන වග ඇතුලත් පිළිතුරු පණිවුඩයක් ලැබෙන බවයි මේනකා පතිරණ පෙන්වා දුන්නේ.

දුරකථන පාරිභෝගිකයෙකු ලෙසට අනාගතයේ පත්විය හැකි අපහසුතා වළක්වා ගැනීමට මෙය ඉතා වැදගත් කරුණක් වන බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළා.