― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොලිස් වෙසින් නිවසට පැමිණ කාන්තාවකට හදි කරලා

පොලිස් වෙසින් නිවසට පැමිණ කාන්තාවකට හදි කරලා

පොලිස් නිලධාරීන් යැයි හඳුන්වා දී නිවසකට ඇතුළු වී කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයින් තිදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හෙට්ටිපොල පොලීසිය පැවසීය.

මූණමල්දෙණිය – අකරවත්ත ප්‍රදේශයේ කොහු මෝලක සේවය කරමින් එම ස්ථානයේම කම්කරු නිවාසකය පදිංචිවී සිටින කාන්තාවක් විසින් ඉකුත් 26 වැනිදා කර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශණය ආරම්භ කර ඇත.

ඉකුත් 25 වැනිදා රාත්‍රීයේ තමා සහ පවුලේ අය නිවසේ සිටින විට පැමිණි තිදෙනෙකු තමන් පොලිස් නිලධාරීන් බවට හදුන්වා දී නිවසට ඇතුළු වූ බවත් පැමිණිළිකාරිය පොලීසිය හමුවේ පවසා ඇත.

නිවසට ඇතුළු වූ ඔවුන් නිවසේ සිටි අයවළුන්ගේ හැදුනුම්පත් පරීක්ෂා කර අනතුරුව තමන්ගේ ඇදුම් ඉරා දමා ලිංගික අතවර සිදු කළ බවද පැමිණිලිකාරිය පොලීසියට පවසා ඇත.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ව පැමිණිලිකාරිය හදුනා ගෙන නොමැති බව පොලීසිය පවසයි. හෙට්ටිපොල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.