29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමහ සද්දෙන් කැසට් දාන බස්වලට වැඩ වරදින ලකුණු

මහ සද්දෙන් කැසට් දාන බස්වලට වැඩ වරදින ලකුණු

ඉදිරියේදී බස් රථ තුළ අධික ශබ්දයෙන් කැසට් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පැවසුවේ
අධික ශබ්දයෙන් කැසට් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම නිසා මගීන් දැඩි පීඩාවකට ලක්වන බැවින්, බස්වලින් සිදුවන සමාජයීය ශබ්ද දූෂණය අවම කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර අමාත්‍යාංශය එක්ව ඉදිරියේදී නියාමන වැඩපිළිවෙළක් සකස් කරන බවයි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ බස්වල කැසට් යන්ත්‍ර අධික ශබ්දයෙන් ක්‍රියාත්මක කරන්නේ නම් රථවාහන පොලිසියට ඊට විරුද්ධව කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි.