― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමිලියන 70ක කොරෝනා එන්නත් මුහුදේ ගිල්වා විනාශ කිරීමේ සූදානමක්

මිලියන 70ක කොරෝනා එන්නත් මුහුදේ ගිල්වා විනාශ කිරීමේ සූදානමක්

බුද්ධ චීවරයට මුවාවෙමින් මෙරට ඇතැම් දේශපාලඥයින් විසින් සිදුකළ අකටයුතුවලට විරුද්ධව කටයුතු කිරීම හේතුවෙන් මිහින්තලා පුදබිමේ සංවර්ධන කටයුතුවලින් මෙන්ම නායක හිමියන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට වත්මන් පාලකයින් විසින් කටයුතු කර ඇති බව ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ මිහින්තලා පුදබිම වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ප්‍රතිදේහ එන්නත් මහා මංකොල්ලයට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක හා හිටපු විධායක අධ්‍යක්ෂක විජිත් ගුණසේකර යන අය වගකිව යුතු බවත් අපරාධ පරීක්ෂණ පාර්තමේන්තුවට කැදවනවා වෙනුවට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිවසට එම නිලධාරීන් කටඋත්තර ලබා ගැනීමට යෑම පිළිබඳව කණගාටු වන බවත් ඔහු අවධාරණය කළේය.

එමෙන්ම වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවල ඇති කොරෝනා සමයේ ලබාදුන් එන්නත් ලක්ෂ හැත්තෑවක් පමණ කල් ඉකුත් වී ඇති බවත් රජය විසින් ඉදිරි සති දෙකක් ඇතුළතදී ඩොලර් මිලියන 70 ක් පමණ වන එම එන්නත් මුහුදේ ගිල්වා විනාශ කර දැමීමේ සූදානමක් පවතින බවත් සංජය මහවත්ත සඳහන් කළේය.

මේ සදහා එවකට සෞඛ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරු ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය හා චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම එම ලේකම්වරු වගකිවයුතු බවත් ඔහු පවසයි.