මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් ඇල්ලීඑමි යුක්තිය මෙහෙයුම අද (27) සිට නැවත ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (26) හෝමාගම ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපල ඇතුළු වත්කම් රජයට පවරගැනීම සඳහා පොලිස් නීති කොට්ඨාසය මගින් පොලිස් නීතීඥයින් පත්කර ඇති බවයි.