29.5 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරිය අනතුරකින් විදෙස් ජාතික කතක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් විදෙස් ජාතික කතක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් ප්‍රංශ ජාතික තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ඊයේ (26) සවස නෙළුව, ලංකාගම මාර්ගයේ කොළොන්තොටුව ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

නෙළුව සිට ලංකාගම දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි කාර් රථයකට මාර්ගයේ ඉඩ ලබාදී නවතා සිටියදී, කාර් රථය එකවරම වේගයෙන් පැමිණ වෑන් රථයේ ගැටී තිබෙනවා.

එහිදී වෑන් රථය තල්ලු වී ඉදිරියට ගොස් නතර වී ඇති අතර එම අවස්ථාවේදී වෑන් රථය තුළ සිටි විදෙස් කාන්තාව එළියට පැනීමට උත්සාහ කිරීමේදී කාර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

කාන්තාව රෝහල්ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 22ක විදෙස් තරුණියකි.

අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.