26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරූපලාවන්‍ය ශිල්පියාගේ රථයේ ගැටී සැරයන්වරයා මරුට

රූපලාවන්‍ය ශිල්පියාගේ රථයේ ගැටී සැරයන්වරයා මරුට

රූපලාවණ්‍ය ශිල්පියෙකු පැදවූ කැබ් රථයක ගැටී පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිරිහාන පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි 36 හැවිරිදි සැරයන්වරයෙකු බවයි.

පසුගිය 25 වැනිදා (නත්තල් දා) රාත්‍රී 10.30 ට පමණ මෙම සැරයන්වරයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මිරිහාන පොලිස් ක්‍රීඩාංගණය ඉදිරිපිටදී රූපලාවණ්‍ය ශිල්පියා පැදවූ කැබ් රථය යතුරුපැදියේ ගැටී තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ සැරයන්වරයා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී සැරයන්වරයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි මිරිහාන පොලිසිය පවසන්නේ.