28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsලොව ඩෙංගු අධිකම රටවල් 30 අතරට ශ්‍රී ලංකාවත්

ලොව ඩෙංගු අධිකම රටවල් 30 අතරට ශ්‍රී ලංකාවත්

ලොව ඉහළම ඩෙංගු වසංගත තත්ත්වයක් පවතින රටවල් 30 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම නිවේදනයකයි මේ බව දැක්වෙන්නේ.

ලොව ඉහළම ඩෙංගු වසංගත තත්ත්වයක් පවතින රටවල් 30 අතරට ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, ඉන්දුනීසියාව, මියන්මාරය හා තායිලන්තය යන ආසියාතික රටවල් අයත් වී තිබෙනවා.

වසර 2000 සිට 2019 දක්වා ගත වූ වසර 19 ක කාලය තුළ ලොව පුරා රටවලින් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂයේ සිට මිලියන 5.2 ක් දක්වා දස ගුණයක වැඩි වීමක් පෙන්නුම් කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.