28 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවරායේ වෘත්තීය ක්‍රියාමාර්ගයට වාරණ නියෝගයක්

වරායේ වෘත්තීය ක්‍රියාමාර්ගයට වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති හෙට (28) පැවැත්වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එරෙහිව කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ වරාය අධිකාරියේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධාවන ආකාරයෙන් සිදු කිරීමට නියමිත කුමන හෝ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එරෙහිවයි.

ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දෛනික මෙහෙයුම් හා පරිපාලන කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් ඒ තුළින් සැපයිය යුතු අත්‍යවශ්‍ය සේවාවන් නොකඩවා පවත්වාගෙන යාමටත් මෙම වාරණය තුළින් වරාය අධිකාරිය බලාපොරොත්තුවෙන් පසුවනවා.