― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsවිග්නේශ්වරන් ජනාධිපතිවරණයට ඉල්ලයි

විග්නේශ්වරන් ජනාධිපතිවරණයට ඉල්ලයි

දෙමළ දේශපාලන පක්ෂවල එකගතාවයකින් යුතුව ආරාධනයක් කරන්නේ නම් තමන් මීළග ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වශයෙන් තරග කරන බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී.විග්නේශ්වරන් පවසයි.

ද්‍රවිඩ දේශපාලන පක්ෂ තනි තනිවම ජනාධිපතිවරණ අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමකට වඩා පොදු ද්‍රවිඩ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම වඩා කාලෝචිත බවත් එවැනි පොදු ද්‍රවිඩ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සදහා තමන් ඊට එකම සුදුස්සා බවත් විග්නේශ්වරන් සඳහන් කළා.

එමෙන්ම මන්ත්‍රීවරයා අවධාරණය කළේ මීළග ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට තමන් තුළ මේ දක්වා විශාල කැමැත්තක් නොතිබූ නමුත් රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයෙන් ජය ගැනිමට ඇති ඉඩකඩ අඩු නිසා තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් වඩා වැඩි වාසියක් ලබා ගත හැකි බවයි.