― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

දහම් පාසල් අවසාන විභාගය පැවැත්වෙන ලබන 28 සහ 29 දිනවල පාසල්වල උසස් පෙළ පන්තිවලට සිසුන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණවලට විභාග අපේක්ෂකයන් කැඳවා ඇත්නම් ඔවුන්ට අගතියක් නොවන ලෙසට කටයුතු කරන්නැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ බෞද්ධ, හින්දු, කතෝලික සහ අහදියියා දහම් පාසල් අවසාන විභාග 28 සහ 29 දෙදින දිවයින පුරා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

දිවයිනේ ඇතැම් පාසල්වල 2025 වසර සඳහා උසස් පෙළ පන්ති සඳහා සිසුන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ද මේ දිනවල පැවැත්වෙන බවට තොරතුරු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව එම දින දෙක තුළ කිසියම් විදුහලක උසස් පෙළ පන්තිවලට සිසුන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් කැඳවා ඇත්නම් එවැනි සිසුන්ට අගතියක් නොවන පරිදි සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසු වෙනත් දිනයක් ලබාදීමට කටයුතු කරන ලෙසටයි විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත්තේ.