27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිරිපා කරුණාව ඇරඹි පළමු දිනයේම ජන ගඟක්

සිරිපා කරුණාව ඇරඹි පළමු දිනයේම ජන ගඟක්

ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වූ පළමු දිනයේම ලක්ෂ දෙකකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාද වන්දනාවට පැමිණ ඇති බව වාර්තා වනවා.

ඊයේ (26) යෙදී තිබූ උදුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වූ අතර ලබන වසරේ උතුම් වෙසක් පොහොය දිනයෙන් ශ්‍රී පාද වන්දනා සමය අවසන් වෙයි.

සිරිපා මලුව සහ විශ්‍රාම ශාලා ප්‍රදේශවල මෙන්ම ගමන් මාර්ගයේද සංචාරක වෙළඳාම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

එමෙන්ම ආරක්ෂිත ස්ථානවල පමණක් දියනෑම සිදුකළ යුතු අතර ඒ සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය මෙන්ම පළාත්පාලන ආයතන විසින් හඳුනාගෙන ඇති ස්ථාන යොදාගත යුතු බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.